ඔයාගේ පරිගණකයේ File එකක් හොයාගන්න බැරිව හිටියද? File සහ Folder කරගැනීම, Copy/Cut/Paste, Delete කරන හැටි, Pen Drive එකකින් Copy කරගන්නා ආකාරය වගේ දේවල් මේ Episode 7කින් ඉගෙන ගමු.
මේ Pack එකේ ඇතුළත් වීඩියෝ:
- File එකක් සහ Folder එකක් කියන්නේ මොකක්ද, වෙනස මොකක්ද
- අලුත් Folder හදගන්නා ආකාරය, නම වෙනස් කරන ආකාරය (Rename)
- Copy, Cut සහ Paste - පිටපත් කිරීම සහ තැන මාරු කිරීම
- වැරදිලා මැකුණොත් Recycle Bin එකෙන් ආපහු ගන්නා ආකාරය
- Files ගොඩක් එකපාර තෝරගන්නා ආකාරය (Multiple Select)
- Pen Drive එකක් ගහලා File Copy කරගන්නා හැටි
- File එකක් Search කරලා ඉක්මනින් හොයාගන්නා විදිහ
කාටද මේ Pack එක?
- පරිගණකය පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනෑම කෙනෙක්ට
- බේසික් පරිගණක දැනුම ශක්තිමත් කරගන්න කැමති සිසුන්ට සහ ඕෆිස් වැඩ කරන අයට